Monthly Archive:: September 2015

ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නෑ – මාවෙයි සේනාධිරාජා

ශී‍්‍ර ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් නැවත වරක් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවන බව ඉලකෙයි තමිල් අරුසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

මටයි ජනපතිටයි නින්ද යන්නේ නෑ – අගමැති

අලුත් රටක් වෙනුවෙන් ගමන් කරන මේ ගමනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තමා “නින්ද නොයන රියදුරන් ” සේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සොහොයුරාගේ ඇඟට යටවූ බිලිඳා හුස්ම හිරවී මරුට

අනුරාධපුර – විජයපුර – ජයසිරිපුර ප්‍රදේශයේ මාස දෙකක් වයසැති බිළිදෙකු නිදා සිටියදී සිව් හැවිරිදි තම වැඩිමහල් පිරිමි සහෝදරයාගේ ඇගට යට වී ජීවිතක්ෂයට පත්වී තිබේ.

පය ලිස්සා ජලාශයට වැටී තරුණියක් මරුට

මාවුස්සාකැලේ ජලාශයේ දියනෑමට ගිය තරුණියක් ජලාශයේ වැටී මියගොස් ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මස්කෙළිය අප්කට් ප්‍රධාන මාර්ගයේ අම්මන් කෝවිල අසල පදිංචි රත්නවේල් ඥානේශ්වරී (අවු.27) නැමති තරුණියකි.

SMS පණිවිඩය නිසා සිසුවෙක් දිවි නසාගනී

තම ජංගම දුරකථනයට පෙම්වතියගෙන් ආ කෙටි පණිවුඩය දුටු පියා ඊට දොස් කීම නිසා සිත්තැවුලට පත් සිසුවෙක් නිවස අසල ගසක එල්ලී දිවි නසාගෙන තිබේ.

දැන් දෙමළ ජනයාගේ බලාපොරොත්තු ඉටු කරන්න

විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධාන කණ්ඩායම් නායක ආර්.සම්බන්ධන් මහතාට හිමිවීම දෙමළ ජනතාවට නව බලාපොරොත්තුවක් වනු ඇති බව ඉන්දියාවේ ඩී.එම්.කේ.පක්ෂ නායක එම්.කරුණානිධි පවසයි.

ඉන්ධන මිල අඩුවන ලකුණු

ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ වාසිය නව රජය මගින් ලබාදීමට කටයුතු කරන බව ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

චන්ද්‍රිකා මෛත්‍රී එක්ක කතා කළේ Viber එකෙන්ලු

ජනවාරි මස 08 වැනිදා පැවති ජනාධිපතිවරණයට පෙර වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග අදහස් හුවමාරු කර ගත්තේ වයිබර් ඇප් තාක්ෂණය ඔස්සේ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

එජාප 69 වන සංවත්සර සැමරුම අද

එක්සත් ජාතික පක්ෂයේ 69 වන සංවත්සරය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (06) පැවැත්වෙයි. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවත්සර උළෙල පැවැත්වේ.

ටයිම්ස් චතුරස්‍රයේ උඩුකය නිරුවත් ළඳුන් අත්අඩංගුවට

නිව්යෝක්හි ටයිම්ස් චතුරස්‍රයේ උඩුකය නිරුවතින් හැසිරුණු කාන්තාවන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.