Monthly Archive:: September 2015

නව අමාත්‍යවරු දිව්රුම්දෙයි – ඇමති තනතුරු මෙන්න

ජාතික ආණ්ඩුවේ අමාත්‍යවරුන් 42 දෙනෙකු අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් අතරට නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකු ද අයත්.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර

වීපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පත්කර තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

තාජුඩීන්ගේ මරණ පරීක්ෂණයේදී වෛද්‍යවරුන්ට තර්ජනය කරළා

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රථම පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන විට වත්මන් අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් ඊට බලපෑම් සිදුකළ බවට හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහේස්ත්‍රාත්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

සිර මැදිරියේදී දිවි නසාගත් අයගේ මරණය සැකසහිත බව ඥාතීන් කියයි

අනුරාධපුර – තිරප්පනය පොලිස් ස්ථානයේ සිර මැදිරියක් තුළදී සැකකරුවකු ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබුණි. පොලිසිය පැවසුවේ සිරමැදිරිය තුළදී ඔහු ඇඳ සිටි සරමෙන් ගෙල වැළලාගෙන දිවි හානි කරගෙන තිබෙන බවට විශ්වාස කෙරෙන බවයි.

චන්ද්‍රිකා ඉන්දීය අගමැති හමුවේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ ඉහළ තලයකට රැගෙන ඒමට බලාපොරොත්තු වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා කියයි.

අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද දහවල් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම්දීමට නියමිතයි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

මාවන් අතපත්තු ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු මාවන් අතපත්තු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව තහවුරු කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

රට බෙදෙන්නේ නෑ – නව විපක්ෂ නායක කියයි

නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස ආර්. සම්බන්ධන් මහතා පත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ සිංහල ජනතාව වෙනුවෙන් සිංහල විපක්ෂ නායකයෙකු ඉටු කරන හැමදේම තමන් විසින් කරන බව යි.

විපක්ෂ නායක ගැන විමල් විරෝධය පාද්දී අගමැතිට කේන්ති ගිය හැටි

8 වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පත්කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විරෝධය පළකිරීමත් සමග පාර්ලිමේන්තුවේ තරමක උණුසුම් කතා බහක් ඇති විය.

ලොව ප්‍රථම 4K ස්මාර්ට් දුරකථනය

Sony සමාගම විසින් ලොව ප්‍රථම 4K තිරයක් සහිත දුරකථනය වන Xperia Z5 Premium ස්මාර්ට් දුරකථනය වෙළඳ පොළට හඳුන්වා දී තිබේ.