Monthly Archive:: September 2015

Google ලාංජනය වෙනස් වෙයි

ලෝකප්‍රකට ගූගල් සමාගම එම සමාගමේ ලාංජනය වෙනස් කර ඇති බව සිය ග්‍රාහකයන් වෙත දැනුම් දී තිබේ. ඔබ දැනටමත් එම වෙනස දැක තිබෙණු ඇත.

හමුදා බුද්ධි අංශ අඩපණ කිරීමේ සැලසුමක්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සෙවීම නිමිත්තක් කරගෙන බුද්ධි අංශ දඩයම් කිරීම සහ ඔවුන්ව දුර්වල කිරීම භයානක අනතුරක පෙරනිමිත්තක් බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

මහින්ද විපක්ෂ නායක පුටුවේ වාඩිවී නෑ

මහින්ද රාජපක්‍ෂ මහතාට ඊයේ (01) දිනයේ දී පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට විපක්ෂ නායක පුටුව ලබා දුන්න ද ඔහු වෙනත් අසුනක වාඩිවී තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

නව රජයේ ඇමතිවරුන් දිවුරුම්දීම අනිද්දා

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අනිද්දා පෙරවරු 11ට දිවුරුම් දීමට නියමිත බව හිරු නිවා වාර්තා කරයි. රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ද එදිනට දිවුරුම් දීමට නියමිත ය.

රජයේ දේපළ අවභාවිතා කරන අය නීතිය හමුවට ගේනවා

රාජ්‍ය දේපළ අවභාවිත කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔවුන් අධිකරණය හමුවට රැගෙන යාමට කටයුතු කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ටෙස්ට් තරඟාවලියේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකාව පරදා තුන්වන තරඟය ලකුණු 117කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව තරඟාවලියේ ජය ඉන්දියාවට හිමි විය.

තාත්තයි පුතයි එකම පාර්ලිමේන්තුවේ

පසුගිය මහ මැතිවරණයෙන් තේරී පත්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතාත් අද දින (01) අටවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය සඳහා සහභාගී විය.

සංගාට වඩා මහේල දක්ෂයි – සංගාගේ පියා කියන කතාව

කුමාර් සංගක්කාර ක්‍රිකට් පිටියේදී දැක්වූ දක්ෂතාව පසුපස ඔහුගේ කැපවීම තිබෙන අතරම ඔහුගේ පියාගෙන් තමාට ලැබූ පන්නරය එහිදී ප්‍රමුඛ කරුණක් බවට පත්වූ බව සංගාම සඳහන් කර තිබේ.කුමාර්ගේ පියා වන ක්ෂේම සංගක්කාර කුමාර්ගේ සාර්ථකත්වය පිටුපස සිටින ප්‍රධානතම පුද්ගලයා ලෙස හැඳින්වීමේද වරදක් නැත.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල

නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයි ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පත්විය.

ප්‍රභාකරන් මියගියේ හිසට වෙඩි තබාගෙන නෙමෙයි – කරුණාගේ ප්‍රකාශයට පිළිතුරු

හිටපු එල්.ටි.ටි.ඊ. නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි කරුණා අම්මාන් සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.