Monthly Archive:: September 2015

කඩුවෙල උසාවි භූමියේ වෙඩි තැබීමක්

තුවක්කරුවෙකු විසින් කඩුවෙල අධිකරණ සංකීර්ණය තුලදී අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සමයං නමැති සැකකරුවෙකුට අද පෙරවරුවේ වෙඩි තබා තිබේ.

Apple කාර් එක 2019දී වෙළඳපොළට

තාක්ෂණික මෙවලම් වෙළඳපොළට හඳුන්වාදෙන ලොව ජනප්‍රියම සමාගම වන ඇපල් සමාගම විසින් නවතම හඳුන්වා දීම ලෙස ඇපල් විද්‍යුත් මෝටර් රථය 2019 වසරේදි වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය.

තාජුඩීන්ගේ සිරුරේ කොටස් පහක් අතුරුදහන්

රගර් ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පැවැත් වූ පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ලබාගත් කොටස් ආරක්ෂිතව අධිශිතකර‍ණයේ තිබිය දී ඉන් කොටස් 05ක් අස්ථානගතව ඇති බව අධිකරණ ආරංචි මාර්ග පවසයි.

සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරු හඳුනාගනී

කොටදෙණියාව සේයා සඳෙව්මි දැරියගේ ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු මේ වන විට හඳුනාගෙන තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම, මහින්දගේ නිවසට

වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ නිළධාරීන් පිරිසක් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසට යාමට නියමිත බව වාර්තා වේ.

ජනපති අද අමෙරිකාවට යයි

එක්සත් ජාතීන්ගේ 70 වන මහා සමුළුව ඇමතීමට අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

මළසිරුර දින 7ක් තබාගත් හේතුව ලංකා හොස්පිටල්ස් කියයි

තිලක් දළුවත්ත රෝගියාගේ මරණය සම්බන්ධයෙන් රෝහල පාර්ශ්වයෙන් කිසිදු වෛද්‍යමය නොසැලකිල්ලක් සිදු නොවූ බව වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය විමල් කරඳගොඩ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බම්බලපිටිය මුහුදේ කිඹුලෙක්

සතියක පමණ කාලයක සිට දෙහිවල ප‍්‍රදේශය ආශ‍්‍රිත මුහුදේ සැරිසරමින් සිටි කිඹුලා මේ වන විට බම්බලපිටිය වෙරළ ආසන්නයට පැමිණ තිබේ.

මානව හිමිකම් වාර්තාව පිළිගන්න එපා

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ වාර්තාව ගැන හිටපු ජනපති මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ලොකු ළූණු ආනයන බද්ද ඉහළට

දේශීය ලොකු ලූනූ අස්වනු නෙළන කාලය එළඹ ඇති බැවින් ආනයනය කරනු ලබන ලොකු ලූනූ මත වූ ආනයනික ගාස්තුව කිලෝවකට රුපියල් 20/- කින් වැඩි කර තිබේ.