Monthly Archive:: November 2015

විජයදාස ෆොන්සේකාගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලයි

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් රුපියල් මිලියන 500ක මුදලක් වන්දි ලෙස ඉල්ලා නඩු පවරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

බිරිඳ ඩෙනිමක් ඇන්දාට කෝපවූ සැමියා ඇයව ඝාතනය කරලා

බිරිය ඩෙනිම් වර්ගයේ කලිසමක් හැඳ සිටියායැයි කියමින් ප්‍රකෝපකාරීවූ බීමත් සැමියෙකු, යකඩ පොල්ලකින් පහර දී පෙරේදා (04) රාත්‍රියේ බිරිඳ ඝාතනය කොට ඇති බවට වාර්තා වෙයි.

EPF සහ ETF එක්කර නව අරමුදලක්

සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සුරක්ෂිත කිරීම සඳහා පියවර ගන්නා බවත්, එම අරමුදල් දෙක එකට එක්කොට ‘ජාතික විශ්‍රාම පාරිතෝෂිත අරමුදල’ නමින් නව අරමුදලක් පිහිටුවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී පැවසිය.

එයාට මම නැතුව කොහෙවත් යන්න බෑ

මොවුන් අපට හමුවූයේ ඓතිහාසික ලංකාතිලක රජ මහා විහාරයේ සහ ලංකාතිලක ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහ පෙරහර මංගල්‍යයේදීයි. වයස 70කට ආසන්න වයසැති ගුණේ නම් සුරතල් නාමයෙන් හඳුන්වන මේ අලියා සමග පෙරහරේ ගමන් කිරීමේදී සුවිශේෂී කාන්තා චරිතයක්ද ඔහු අසලින් ගමන් කරනු දැකිය හැකියි.

දමිතා බරපතල වංචා ජනාධිපති කොමිසමට

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රංගන ශිල්පී දමිතා අබේරත්න අද (06) බරපතල වංචා සහ දූෂණ විමර්ෂන ජනාධිපති කොමිසමට කැඳවා තිබේ.

පන්සල ළඟදී ලියුමක් ලියා මව දරුවා සමග වස බොයි – Video

බලංගොඩ ප්‍රදේශයෙ මවක් සිය පස් හැවිරිදි දියණියට වස පොවා ඇය ද වස පානය කර ඇති අතර මෙම සිද්ධියෙන් මව ජීවිතක්ෂයට පත්ව දියණිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

LTTE සැකකරුවන් 62ක් නිදහස්

එල් .ටී. ටී .ඊ සංවිධානයට ආධාර උපකාර කිරීමේ චෝදනාව මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 62ක් පමණ ඇප මත නිදහස් කිරීමට තීරණය වී ඇති බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

ලොව ප්‍රසිද්ධ Anonymous Hacker කණ්ඩායමේ අලුත්ම මෙහෙයුම

කළු ජාතිකයන්ට එරෙහිව ඇමරිකාවේ ක්‍රියාත්මක වන Ku Klux Klan (KKK) නමැති සංවිධානයේ රහසිගත ක්‍රියාකාරීන් සියලුදෙනා කවුරුන්දැයි හෙළි කිරීමට Anonymous Hacker කණ්ඩායම සැරසෙයි.

දැන් මට සංගීතය ගැන හිතන්නවත් වෙලාවක් නැහැ

එදා සුපිරි තරු කිරුළ වෙනුවෙන් ගී ගැයූ කඩවසම් තරුණයා පිළිබඳ අවුරුදු 11ක් අතීතයට මගේ සිත දිව යනවා. තරුණ තරුණියන් බොහෝ දෙනකුගේ සිත් තුළ සිහින කුමාරයා බවට ශිහාන් මිහිරංග පත් වුණේ එක රැයෙන්. අදටත් ඔහු ගැන දැන ගන්න රසික රසිකාවියන් දක්වන්නේ කැමැත්තක්. ඒ තරමටම ශිහාන් අදටත් ජනප්‍රිය චරිතයක්.

කරාටේ වසන්ත ඝාතනයේ සියල්ලන්ම අත්අඩංගුවේ

අනුරාධපුර සමාජශාලා හිමිකරු වසන්ත සොයිසා ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අවසන් බව අනුරාධපුර පොලීසිය අද (05) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී ඇත.