Monthly Archive:: November 2015

දරුවා දුම්රියට තල්ලූ කළ මව රිමාන්ඩ්

තම හය හැවිරිදි දරුවා දුම්රියට තල්ලු කර ඝාතනය කිරීමට උත්සාහ කළ මව ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සෝමා එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට ව්‍යාපාරිකාවකවන සෝමා එදිරිසිංහ මහත්මිය අද උදෑසන පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ මියගොස් තිබේ. මියයන විට ඇය 76 වැනි වියේ පසුවිය.

ලක්ෂ 10ක අල්ලස් ගනිද්දී පොලිස් නිලධාරියෙකු මාට්ටු

රුපියල් ලක්ෂ 10 ක අල්ලස් මුදලක් ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කොස්තාපල්වරයෙකු ගාල්ල – හික්කඩුව ප්‍රදේශයේදී ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තා යටිකය කොටසක් හමුවෙයි

කල්පිටිය එරඹුදූව දූපතට ගොඩ ගසා තිබූ පොහොර උරයක තිබී ඝාතනය කරන ලද කාන්තාවකගේ සිරුරක යටි කය කොටසක් හමුවී ඇති බව කල්පිටිය පොලීසිය කියයි.

දකුණු ආසියාවේ සශ්‍රීකම රට ශ්‍රී ලංකාව

දකුණු ආසියාවේ සශ්‍රිකම රට ශ්‍රී ලංකාව බව ලොව පුරා රටවල් 141 ක සහභාගීත්වයෙන් බ්‍රිතාන්‍ය ආයතනයක් විසින් සිදුකළ සමීක්ෂණයකදී හෙළිවී තිබේ.

දෙවන එක්දින තරඟයේ ජයත් ශ්‍රී ලංකාවට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින තරඟයේ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04) සමත් විය.

සනී ලියොන් ගෙන්වනවට විමල්ගෙන් දොස්

නිරූපිකාවක් සහ චිත්‍රපට නිළියක් වන සනී ලියෝන් මෙරටට ගෙන්වා කැසිනෝ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

කොටදෙණියාවේ සිසුවා කෝටියක් වන්දි ඉල්ලයි

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය දුෂණය කළා යැයි බොරු චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන තමන්ට පහරදිමෙන් සිදුවු හානියට රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා කොටදෙනියාවේ සිසුවා අද (4) ශ්‍රේෂ්ඨාධීකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වන කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවා දුම්රියට තල්ලුකර මරන්න හැදූ මව

තම හය හැවිරිදි දරුවා දුම්රියට තල්ලු කර ඝාතනය කිරීමට උත්සාහ කළ කාන්තාවක මහනුවර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.