Monthly Archive:: November 2015

චීන යුවළකගේ බෑගය පැහැරගත් හොරෙක් GPS තාක්ෂණයෙන් අල්ලාගත් හැටි

කොළඔ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් චින ජාතික යුවලකගේ අත් බෑගය පැහැරගෙන දුම්රියෙන් පැන පාලා ගිය සැකකරුවෙකු මුදල් සහිතව පැය කිහිපයක් ඇතුලත අත්අඩංගුවට ගැනිමට හැටන් පොලීස් නිළධාරින් සමත් වි තිබේ.

ඇල්පිටියේදී දිගට හරහට වෙඩි තබා තරුණයන් 2ක් ඝාතනය කරලා

ඌරගස්‌මංහන්දිය රන්කොටුවිල මාලවල ප්‍රදේශයේ යතුරුපැදියක යමින් සිටි තරුණයන් දෙදෙනකු ඊයේ (03 වැනිදා) පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කර ඇත.

කොදෙව් – ලංකා 2වන එක්දින තරඟය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක‍්‍රිකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි.

සෝභිත හිමි වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට

කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුව වෙත රැගෙන ගොස් තිබේ.

එස්.එෆ් ලොක්කා 9 තෙක් යළි රිමාන්ඩ්

ප්‍රකට කරාටේ ශූරයෙකු මෙන්ම අනුරාධපුර පැනෝරා රාත‍්‍රි සමාජ ශාලාවේ හිමිකරු වූ වසන්ත ද සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන එස්.එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තා නොවැම්බර් මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වෑන් රථය මතට අධිබලැති විදුලි රැහැනක් වැටී සෙබළු 3ක් මරුට

ගාල්ල ගින්තොට ප්‍රදේශයේ වෑන් රථයකට අධිබලැති විදුලි රැහැනක් කඩාවැටීමෙන් යුධ හමුදා සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ශීතකරණයේ විදුලිය විසන්ධි කිරීමට ගොස් මරුදකී

බුලත්කොහුපිටිය දොඹගහමුල්ල ප්‍රදේශයේ අධික වර්ෂාව හේතුවෙන් නිවසේ ඇති ශීතකරණයේ විදුලිය විසන්ධි කිරීමට තැත් කල පුද්ගලයෙකුට අකුණු සැර වැදී මියගොස් ඇත.

කොදෙව් නායකයාට තරඟ තහනමක්

ශ්‍රී ලංකාව සමඟ පැවැති පළමු එක්දින තරඟයේදී නියමිත කාලසීමාව තුළ නියමිත පන්දු වාර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් පිළේ නායකයාට තරඟ තහනමක් පනවා තිබේ.

සිසු ප්‍රහාරයට එරෙහිව සරසවි සියල්ල අද පාරට බසී

අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාව ලබා දෙන ලෙස ඉල්ලමින් ඉකුත්දා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදුණු සිසුන්ට පොලිසිය විසින් පහරදීමට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කොට ගෙන අද (3) දිනයේදී රට පුරා සියලු විශ්වවිද්‍යාල සහ තාක්ෂණ විශ්වවිද්‍යාලවල සිසුන් එක්ව කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කරන බව අන්තර් විශ්වවිද්‍යාල

දෙහිවලදී අල්ලාගත් සැකකරු මාලදිවයින් පොලිසියට

මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යාමීන් ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ චෝදනාව යටතේ දෙහිවල නැදිමාල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු සැකකරු මාලදිවයින් පොලිසියට භාර දී තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.