Monthly Archive:: November 2015

අතුල, අමායා හා දියණිය හැර ගිහින්

අතුල අධිකාරී තමන්ව සහ දියණියව හැර ගිය බව අමායා අධිකාරී සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබේ. ඇය එම පුවත්පතට සඳහන් කර ඇත්තේ සමිතාව තනි කළ ආකාරයටම තමන්ව ද ඔහු තනි කළ බවයි.

ISIS විසින් රුසියානු ගුවන් යානය විනාශ කළ බවට පැවසෙන වීඩියෝවක් මුදාහරී

ඊයේ (31) මගීන් 224 දෙනෙකු සමඟ කඩා වැටුණු රුසියාවට අයත් ගුවන් යානය ISIS සටන්කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කර විනාශ කර ඇති බවට ISIS සටන්කාමීන් පවසයි.

වැසිකිළි වළට වැ‍ටී කුඩා දරුවෙක් මරුට

මඩකළපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ වැසිකිළි වළකට වැටීමෙන් වයස අවුරුදු තුනක දරුවෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ කාත්තන්කුඩි බාවා වීදියේ පදිංචි රමීස් ෆාතිමා නමැති දැරියයි.

අසැබි වෙබ් අවහිර කරන ලෙස ඉල්ලීමක්

අසභ්‍ය වෙබ් අඩවි තහනම් කොට ඊට පිවිසීමේ අන්තර්ජාල මාර්ග අවහිර කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමක් අත්සන් කිරීමේ වැඩසටහනක් දියත් කර ඇති බව උපදේශනය හා සංහිඳියා සභාව (ARC) පවසයි.

සනී ලියොන් ලංකාවට පැමිණේ

ප්‍රකට නිල් චිත්‍රපට නිළියක මෙන්ම බොලිවුඩ් රංගන ශිල්පිණියක ද වන සනී ලියොන් ලබන දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

සිරකරුවෙකු වෙනුවෙන් දිනක වියදම රු.500 යි

බන්ධනාගාරගතව සිටින රැඳවියෙක් වෙනුවෙන් රජය දිනකට රුපියල් 500ක පිරිවැයක් දරන බව නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන පවසයි.

ජනපති ඇතුළු 60ක් තායිලන්තයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා අද (01) පෙරවරු 7.30ට තායිලන්තය බලා පිටත්ව ගොස් තිබේ. ඒ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 882 යානයෙන්.

රුසියානු ගුවන් යානයක් කඩාවැටී 224ක් මරුට

රුසියානු ගුවන් සමාගමකට අයත් ඒ 321 වර්ගයේ මගී ගුවන් යානයක් රුසියාව බලා පියාසර කරමින් තිබියදී ඊජිප්තුවේ මධ්‍යම සින්යි ප්‍රදේශයට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කරාතේ වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකාර ‘SF ලොක්කා’ගේ සොහොයුරා අත්අඩංගුවට

කරාතේ ශූර වසන්ත සොයිසාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා නමැත්තාගේ සොහොයුරා වන අසිත රණසිංහ තංගල්ල ප්‍රදේශයේදී ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබේ.