Monthly Archive:: November 2015

උතුරු නැගෙනහිර කොටි සැමරුම්

එල්ටීටීඊ මහවිරු දින සැමරුම් උත්සව ඊයේ (27 වැනිදා) උතුරු නැගෙනහිර ස්‌ථාන කිහිපයක සංවිධානය කර තිබිණි. ඒ අනුව ඊයේ (27දා) උදේ නල්ලූර් කෝවිල ඉදිරිපිටදී පහන්a දල්වමින් ද, මුත්තූර් ප්‍රදේශයේදී සැමරුම් උත්සවයක්‌ සංවිධානය කරමින්ද එල්ටීටීඊ මහවිරු දින උත්සවයක්‌ පවත්වා තිබේ.

අත්බෝම්බ 6ක් සමඟ 5ක් මොරටුවේදී කොටුවෙයි

ජීව අත්බෝම්බ 6ක් සමඟ සැකකරුවන් 5 දෙනෙකු මොරටුව – මෝදර ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

මරණ දඬුවම නියමවූ වාස්ගෙන් අභියාචනයක්

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු පිරිසට නියම කරන ලද මරණ දඩුවමට එරෙහිව අභියාචනයක් ගොනු කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පවසයි.

කොළඹ ප‍්‍රදේශ රැසකට හෙට පැය 18ක් වතුර නෑ

හෙට සහ අනිද්දා දිනවලදී කොළඹ ආශ්‍රීත ප්‍රදේශ කිහිපයක පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

වාස් සහ පුතු ඇතුළු 6කට මරණ දඬුවම

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු 6 දෙනෙකු වරදකරුවන් කරමින් අද (27) කොළඹ මහාධිකරණය ඔවුන්ට මරණ දඬුවම නියම කර තිබේ.

කොණ්ඩයා පොලීසියෙන් කෝටි 5ක් වන්දි ඉල්ලයි

සේයා සදෙව්මි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මහත් ආන්දෝලනයකින් පසු නිදහස් කරන ලද කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්ත පොලිසියට එරෙහිව කෝටි 5 ක වන්දි ඉල්ලා නඩු පවරා තිබේ.

පාර්ලිමේන්තු පාරේ බැරියර් කැඩූ නිළියට ඇප

රුපියල් ලක්‍ෂයකට අධික රජයේ දේපළ අනර්ථයට ලක්‌කිරීම සහ නොසැලකිලිමත් රිය ධාවනය, අනතුරක්‌ වළක්‌වා නොගැනීම යන චෝදනා යටතේ කඩුවෙල මහෙස්‌ත්‍රාත් හමුවට ඉදිරිපත් කර සිටි ටෙලි නාට්‍ය නිළියක්‌ රුපියල් ලක්‍ෂයක මුදල් ඇප මත මුදා හරින ලෙස කඩුවෙල මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල මහතා පෙරේදා (24) නියෝග කළේය.

ලොව පළමු ‍දිවා රාත්‍රී ටෙස්ට් තරඟය අද ඇරඹෙයි

ක්‍රිකට් වංශ කතාවේ නව පිටුවක් පෙරළමින් ලොව පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟය අද ඔස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් හිදී ආරම්භ වෙයි. ඒ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතරයි.

සිසුවෙකු දිවි දුන් හේතුවෙන් උතුරේ සියලු පාසල් වැසෙයි

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලමින් ලිපියක් ලියා දුම්රියට පැන සිසුවෙකු දිවි නසා ගැනීමේ සිද්ධිය හේතුවෙන් උතුරු පළාතේ සියලු පාසල් අද (27) දිනයේ වසා දමා තිබේ.

ත්‍රස්තවාදී කණ්ඩායම් සමරන්න දෙන්නේ නෑ

යාපනය සරසවියේ සහ වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක මහවිරු දිනය සැමරීම සදහා එක්වන ලෙස දැනුම් දෙමින් පසුගිය දින කිහිපය තුළ පෝස්ටර් අලවා තිබුණි.