Monthly Archive:: November 2015

භාණ්ඩ 6ක මිල අඩුකළ ගැසට් නිවේදනය එයි

අයවැයෙන් අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ 06 ක අඩු කළ මිල ඊයේ (26) මධ්‍යම රාත‍්‍රියේ සිට ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

පොදුරද සමුළුව අද මෝල්ටාවේදී ඇරඹෙයි

24 වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මෝල්ටාවේ – වැලාටා අගනුවරදී අද (27) ආරම්භ වීමට නියමිතය.

දෙමළ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් සිසුවෙක් කෝච්චියට පනී

යාපනය, කොක්කුවිල් ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු අද (26) උදෑසන දුම්රියට පැන සියදිවි නසාගෙන තිබෙන බව යාපනය කොක්කුවිල් ප්‍රදේශවාසීහු පවසති.

හිඟ වාරික ගන්න ගිය බැංකු නිලධාරියාට කාන්තාවගෙන් ගුටි

මාදම්පේ, තඹගල්ල – කොරසවත්ත ප්‍රදේශයේ බැංකුවකින් ණයක් ලබාගෙන එහි හිඟ වාරික පියවීම පැහැර හැරීම ගැන සොයාබැලීමට ගිය බැංකු නිලධාරියෙකුට කාන්තාවක් විසින් පහරදුන් පුවතක් වාර්තා වෙයි.

ජල-විදුලි හා දුරකථන සේවා ගාස්තු වැඩිවෙන්නේ නෑ

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද 2016 අය වැය යෝජනා මගින් මෙතෙක් තනි අනුපාතික අගයෙන් යුක්තව පැවති වැට් බද්ද කාණ්ඩ තුනකට වෙන්කිරීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බොහොමයක මිල අඩුවන බවත්, එමගින් ජලය, විදුලිය හා විදුලි සංදේශ ක්ෂේත්‍රවල කිසිදු ගාස්තු වැඩිවීමක් සිදු නොවන බවත් මුදල් අමාත්‍යංශය පවසයි.

ජනපති නියමයෙන් බීර බදු යළි වැඩි කෙරේ

2016 අය වැයෙන් බීර සඳහා අඩු කළ ආනයනික බදු ගාස්තු යළි වැඩි කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට උපදෙස් ලබාදී තිබේ.

පුතාගේ උපන්දින කේක් එකට සල්ලි හොයන්න ගිය ධීවරයා කිඹුලෙකුට බිලි

කොග්ගල කළපුවේ ඉස්සන් ඇල්ලීමට ගිය ධීවරයෙකු මිනීකන කිඹුලෙකුට හසුවීමෙන් පෙරේදා (24) අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබේ.

මංතීරු නීතිය අද සිට යළි ක්‍රියාත්මකයි

නියමිත මංතීරුවලින් බැහැරව අපරීක්ෂාකාරී ලෙස රථවාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගන්නා මංතීරු නීතිය අද සිට යළි ක්‍රියාත්මක කිරීමට පොලීසිය සූදානම් වෙයි.

ජනවාරි 1 වැනිදා සිට සේවයට බැඳෙන රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් නෑ

ලබන ජනවාරි පළමු වැනිදා සිට රාජ්‍ය සේවයට බැඳෙන සේවකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමය අහිමිවන බව රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

ගසක් කඩාවැටීමෙන් යතුරුපැදිකරුවෙක් මරුට

කොළඹ බේස්ලයින් මාර්ගයේ වැලිකඩ බන්ධනාගාර ප්‍රදේශයේ දුම්රිය ක්‍රීඩාංගණය අසළ ගසක් කඩා වැටීමෙන් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.