Monthly Archive:: January 2016

ලොකුම නිල් මැණික මැණිකක් නොවේලු

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සොයාගත් විශාලතම නිල් මැණික , මැණිකක් මෙන් දිස් වූවද එය මැණික් වර්ගයකට අයත් නොවන බව මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

ඔබාමා නිතර රැගෙන යන දෑ අතර බුදු පිළිමයක්

ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා තමන් නිතර රැගෙන යන තෑගි භාණ්ඩ අතර කුඩා බුදු පිළිමයක්ද පවතින බව අනාවරණය කර තිබේ.

ඇඹිලිපිටිය තරුණයා බිමට තල්ලු කළ හැටි ගැන බිරිඳ කියන කතාව

ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගැහැනු දරුවකු වැඩිවියට පත් වූ උත්සවයක්‌ අතරතුර පොලිසිය සමඟ පිරිසක්‌ ඇති කරගත්තා කියන ගැටුම පිළිබඳව මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ ශෂිකා නිශාමනී මුණසිංහ මෙසේ ‘දිවයින’ පුවත්පතට හෙළි කර තිබේ.

තවත් විශාල නිල් මැණිකක් මතුවෙයි

ලොව විශාලතම නිල් මැණිකට වඩා විශාලත්වයෙන් යුත් බවට සැලකෙන තවත් නිල් මැණිකක් ඇලහැර ප්‍රදේශයෙන් හමුවී තිබේ.

කුසල්ට තරග පාවාදෙන්න මුදල් දෙන්න හැදූ ලාංකිකයා මෙන්න

පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති ක්‍රිකට් තරගාවලියක් අතරවාරයේදී කුසල් ජනිත් පෙරේරා හා රංගන හේරත්ට තරග පාවාදීමට මුදල් ලබාදීමට උත්සාහ කර ඇත්තේ ගයාන් විශ්වජිත් නැමැත්තෙකු විසින් බව මේවන විට හෙළිව ඇතැයි වාර්තා වෙයි.

පාන් මිල යළි පහළට

රුපියලකින් ඉහළ දැමූ පාන් ගෙඩියක මිළ යළි පහත දැමූ බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදනවල මිල රුපියලකින් ඉහළ නංවනු ලැබුවේ මෙවර අයවැයෙන් ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට දෙකේ සිට හතර දක්වා ඉහළ නංවා ඇති බව පවසමින්.

හැරී පෝටර් චිත්‍රපට මාලාවේ මායාකරු සමුගනී

ලොකු කුඩා කා අතරත් ජනප්‍රියත්වයට පත්වු හැරී පෝටර් කථා මාලාවේ මායාකරු වු ඇලන් රික්මන් ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඇන්ජලෝ මැතිව්ස්ට FCID කැඳවීමක්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

සිය එකම බිළිඳා පොළොවේ ගසා මැරූ පියෙක්

මාස 9 ක් වයසැති තම බිළිඳා පොළොවේ ගසා ඝාතනය කල පුද්ගලයකු හැටන් දිඹුල ක්වීන්ස්බරි වතුයායේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පාන් මිල රුපියලකින් ඉහළට

පාන් ගෙඩියක මිල රුපියලකින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව එය අද (13) සිට ක්‍රියාත්මකයි.