Monthly Archive:: February 2016

ගුගල් බැලූනය ගම්පොළට කඩාවැටෙයි

ගූගල් සමාගමේ නවතම ව්‍යාපෘතිය වන “LOON PROJECT” හි සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව කේන්ද්‍ර‍ කරගනිමින් ගුවන්ගත කරනු ලැබූ වායු බැලූනය ගම්පොල – පුපුරැස්ස – කලුගල්වත්ත ප්‍රදේශයට ඊයේ (17) කඩා වැටී ඇත.

අලි ඇල්ලුවේ නෑ – පන්සලේ දමා ගිය අලි පැටවා බලාගත්තා

තමන් අලි ඇල්ලුවේ නැති බවත්,අලි ඇල්ලීම සඳහා කැලේ නොගිය බවත්,අලි විකුණුවේ නැති බවත්,ඒ වෙනුවෙන් ව්‍යාජ ලේඛන හැදුවේ නැති බවත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි පවසයි.

යෝෂිතගේ සිර කුටිය තහනම් කලාපයක් වෙයි

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඇතුලු සිව්දෙනා රඳවා සිටින කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිිර කුටිය තහනම් කලාපයක් බවට පත් කර තිබේ.

ඉන්දියාව T20 තරඟාවලිය දිනයි

ශ්‍රී ලංකාවට එරෙහි පැවැති 20-20 තරඟාවලියේ තෙවන තරඟයද කඩුලු 9කින් ජය ගනිමින් එම තරඟාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (14) සමත් විය.

රනිල් TV දෙරණට අනතුරු අඟවයි

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේ බදුල්ලේ සිට කරන ලද විශේෂ ප්‍රකාශයේදී දෙරණ රුපවාහිනියේ නම සඳහන් කරමින් දැඩි ලෙස දෝෂාරෝපනය කලේය.

ISIS ත්‍රස්තයින් අවු.4ක දරුවෙකුගේ අතින් සිරකරුවන් 4 දෙනෙක් ඝාතනය කෙරෙව්ව හැටි

ISIS ත්‍රස්තයින් අවු.4ක දරුවෙකු මිනිස් ඝාතනයක් සඳහා යොදාගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

දෙවන T20 තරඟයේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 69ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (12) සමත්විය.

ඉරාජ් ගැන පොලිස් පරීක්ෂණයක්

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරන ලද මනුසතා ගීතය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීමට යෝජනාවක්

ජාතික ධජයෙන් සිංහයා ඉවත් කොට සියලු ජනතාව අතර සහෝදරත්වය විදහා දැක්වෙන සංකේතකයක් ජාතික ධජයට යොදාගත යුතු බවට වූ යෝජනාවක් මන්නාරම දිස්ත‍්‍රික් කාන්තා සංවිධාන විසින් ඉදිරිපත් කර තිබෙන බවට නෙත් නිව්ස් වාර්තා කරයි.

ඩිල්ෂාන්ට වරෙන්තු නිකුත් කරයි

හිටපු ක්‍රිකට් නායක හා සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට කොළඹ අංක 09 මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.