Monthly Archive:: February 2016

යෝෂිත කඩුවෙල මහේත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදා ලුතිතන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා මේවන විට කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබේ.

වේගවත් කාන්තාව හා මිනිසා ශ්‍රී ලංකාවෙන්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 කාන්තා හා පිරිමි ඉසව් දෙක ජයගමින් කලාපයේ වේගවත්ම මිනිසාට හා කාන්තාවට හිමි තැන ශ්‍රී ලංකාවට හිමිකර දීමට හිමාෂ ඒෂාන් හා රුමේෂිකා රත්නායක සමත්විය.

T20 ප්‍රථම තරඟයේ ජය ශ්‍රී ලංකාවට

ඉන්දියාව සමඟ පැවැති ප්‍රථම විස්සයි විස්ස තරඟය කඩුලූ 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ඉන්දීය කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

ඥානසාර හිමියන් වැලිකඩ සිට ලියූ ලිපිය මෙන්න

අත්අඩංගුවට පත්වූ ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ සිට ලිපියක් ලියමින් කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ. දිවයින පුවත්පතේ පළවූ එම ලිපිය පහතින් දැක්වෙයි.

ලංකාව සහ වියට්නාමය වේගයෙන්ම නැගී එන රටවල් දෙකලු

ඉහළ ධනය උපයන කාර්මික රටවල් පිළිබඳව නවතම වාර්තාවක් එළි දක්වන ලෝ ප්‍ර‍කට ව්‍යාපිරික සඟරාවක් වන ෆෝබ්ස් සඟරාව ඉදිරි දස වසර තුළදී ශ්‍රී ලංකාව සහ වියට්‌නාමය ආසියානු කලාපයේ නැගී එන වෙළෙඳපොළ බවට පත්වනු ඇතැයි පවසයි.

ජගත් මානව හිමිකම් කොමසාරිස් දිවයිනට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සිව් දින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඇඹිළිපිටිය ASP රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී DWC ධර්මරත්න මහතා පෙබරවාරි මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙවර නිදහස් උළෙලට මහින්ද නැහැ

හෙට (04) පැවැත්වෙන 68 වන නිදහස් දින සමරු උළෙලට සහභාගි වන ලෙස තමන්ට මෙතෙක් ආරාධනාවක් ලැබී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඇඹිලිපිටිය ASP රහස් පොලිස් අත්අඩංගුවේ

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පසුගියදා පැවති සාදයක් අතරතුරදී පොලීසිය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමට අදාළව සැකපිට සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්.සී ධර්මරත්න මහතා අත්අඩංගුවට ‍ගෙන තිබේ.

යෝෂිත හිරබත් එපා කියයි

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනා බන්ධනාගාරයෙන් ආහාර නොගැනීමට තීරණය කර තිබේ.