Monthly Archive:: May 2018

නගරාධිපති නිල නිවසේ වැසිකිලි හදන්න මිලියන 5ක් ඉල්ලීමේ ඇත්ත රෝසි හෙළි කරයි

කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිලි පද්ධතිය නවීකරණය කිරීමට රුපියල් මිලියන 5.7ක් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට ලබාදීමට අනුමැතිය හිමිවී ඇති බවට වාර්තා පළවීමත් සමග ඒ පිළිබඳව බොහෝ විවේචන එල්ල වුනා.

කොළඹ මීටර් සහිත රථ ගාල් වලින් දඩ අයකිරීම නවතයි

කොළඹ මහනගර සීමාවේ මීටර් සහිත රථ ගාල් වල ගාස්තු නොගෙවීමේදී දඬ මුදල් අය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන තිබේ.

විජයග්‍රයණයට අදට වසර 9 යි

කුරිරු LTTE ත්‍රස්තවාදය පරදා ශ්‍රී ලංකා මාතෘ භුමියේ නිදහස සුරක්ෂිත කර අදට (18) වසර 9ක් සපිරෙනවා. ශ්‍රී ලංකා හමුදාවන් LTTE ග්‍රහණයේ පැවති අවසන් බිම්කඩත් මුදාගනිමින් ශ්‍රී ලංකාද්වීපයම එක ධජයක් යටතට පත්කෙරුණේ 2009 වසරේ මැයි මස18 වැනි සදුදා දිනයේදියී.

වෛද්‍ය වර්ජනය අවසන්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඊයේ 17 ආරම්භ කළ එක්දින සංඛේත වර්ජනය අද (18) උදෑසන 8.00ට අවසන් කර තිබෙනවා.

හමුදාව අතින් මැරුණේ අපේම දරුවන් – රාජිත කියයි

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ 16 මාධ්‍ය හමුවකදී සිදු කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි විවේචන එල්ලවමින් පවතිනවා. විශේෂයෙන් ෆේස්බුක් සමාජජාල ඔස්සේ අමාත්‍යවරයාට දෝෂාරෝපණ එල්ල කරන අයුරු දකින්නට ලැබෙනවා.

අවම බස් ගාස්තුව 12 වෙයිද – තීරණය අඟහරුවාදා

අවම ගාස්තුව රුපියල් 12ක් කිරීමට සහ සමස්ථ බස් ගාස්තුව සියයට 12.5කින් වැඩි කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසා තිබේ.

වෛද්‍යවරුන් අද වැඩ වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

දෙහැවිරිදි දරුවාගේ ඝාතනයට මව්පියන් අත්අඩංගුවට

වයස අවුරුදු 2ක පිරිමි දරුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දෙමව්පියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියළු දරුවන්ට උසස් පෙළ හැදෑරීමේ අවස්ථාව

වසර 2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව සලසාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත් වලට 100mm ඉක්මවා වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කර තිබේ.