Enriqueගේ ෂෝ එකේ චෝදනා ගැන ‘සංගා – මහේල’ කතා කරයි
පසුගිය සතියේ ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසිස්ගේ (Enrique Iglesias) සහභාගිත්වයෙන් පැවැත්වූ ‘Sex and Love’ ප්‍රසංගය ගැන තවමත් විවිධ විවේචන එල්ල වෙමින් පවතී.
ඊයේ (27) දිනයේ මෙම ප්‍රසංගය පිලිබදව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ලංකාවෙ සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන මෙවැනි ප්‍රසංග සංවිධානය කරන අයට මඩු වලිගයෙන් තැලිය යුතු බවත්, යළි මෙවැනි ප්‍රසංග පැවැත්වීමට ඉඩ නොතබන බවත් ය.
මෙම ප්‍රසංගය පිලිබදව මේ වනවිට ඇති වී තිබෙන ආන්දෝලනය නිසා සංගා සහ මහේල ජනපතිගේ ප්‍රකාශයෙන් පසු තම ෆෙස්බුක් පිටුවෙන් පණිවිඩයක් මුදා හැර ඇත. එම පණිවිඩයේ සදහන් වන පරිදි සංගා සහ මහේල මෙම ප්‍රසංගය නැරඹීම සදහා ටිකට් ලබා ගත් අයට සිදුවූ අපහසුතාවයට කණගාටුව පල කර තිබේ. එයට හේතුවී තිබෙන්නේ මෙම ප්‍රසංගය සදහා ගෙන ආ කලාකරුවා නියමිත වෙලාවට ප්‍රසංගයට නොපමිනිම බව එම පණිවිඩයේ සඳහන් වෙයි.
එය පහතින්…