Enrique ගෙන්වූ මහේල සහ සංගාගේ සමාගම ‘බ්ලැක් ලිස්ට්’ කරයි
Enrique Iglesias නමැති විදේශීය ගායකයාගේ ප්‍රසංගය සංවිධාන කළ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරට අයත් සමාගම අසාදු ලේඛන ගත කිරීමට කොළඹ මහනගර සභාව තීරණය කර තිබේ.
ඒ ප්‍රසංගයට අදාළ රුපියල් මිලියන 29ක විනෝද බද්ද ගෙවීම පැහැර හැරීම හේතුවෙන්.
කොළඹ මහනගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ එම ආයතනය සංවිධානය කළ එම ප්‍රසංගයෙන් රුපියල් 29ක පමණ බදු මුදලක් අහිමි වී ගිය බවත්, එම මුදල ගෙවීමට සති දෙකක් ලබාදෙන බවත්, මුදල ගෙව්වත් නැතත් එකී ආයතනය අසාදු ලේඛන ගත කරන බවත් ය.
මුදල් නොගෙවන්නේ නම් නීතිමය පියවර ගැනීම ගැන අවධානය යොමු කරන බවද ඔහු පැවසීය.
අදාළ මුදල ගෙවනතුරු ඔවුන්ගේ සමාගමට ඉදිරියේදී කිසිදු වැඩසටහනක් කොළඹ මහනගර සභා සීමාව තුළ පැවැත්වීමට අවසර ලැබෙන්නේ නැත.
අදාළ ප්රසංගයේදී අලෙවි කළ ප්‍රවේශපත්‍ර වලින් 7000ක පමණ කොළඹ මහනගර සභාවේ මූද්‍රාව ඇති බවටත්, තවත් ප්‍රවේශපත්‍ර 3000ක පමණ එම මූද්‍රාව නැති බවටත් සැක කරන බවත්, මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණ.