Enrique ගෙන්වූ සංගා සහ මහේලගේ සමාගමට නඩු

null

සුපිරි ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසියාස්ගේ කොළඹ ප්‍රසංගයේ සංවිධායකයන්ට එරෙහිව ඉදිරියේ දි නඩු පවරන බව කොළඔ මහ නගර සභාව පවසයි.

එන්රිකේ ඉග්ලේසියාස් කොළඹට ගෙන්වන ලද්දේ ශ්‍රීලංකා ක්‍රිකට් පිලේ නායකත්වය දැරූ මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ගේ ප්‍රධානත්වයෙන් යුත් ලයිව් ඉවන්ට්ස් පුද්ගලික සමාගම විසිනි.

නගර සභාව ප්‍රකාශ කරන පරිදි දෙසැම්බර් විසිවැනිදා පවත්වන ලද ලතින් ඇමරිකානු සංගීතවේදියාගේ ප්‍රසංගය සඳහා සංවිධායකයන් ප්‍රසිද්ධ රගදැක්වීමේ බලපත්‍රයක් ලබාගෙන නැතිවාක් මෙන්ම කෝටි තුනකට ආසන්න මුදල් වංචාවක්ද සිදු කොට තිබේ.

Love and Sex ප්‍රසංගය වෙනුවෙන් සංවිධායකයන් විසින් නිකුත් කරන ලද මුළු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව වසන් කර මහ නගර සභාවට විනෝද බද්ද සඳහා අයවිය යුතු මුදල් වංචා කර තිබීම නිසා නගර සභාවට අහිමි වී ඇති ආදායම රුපියල් දෙකෝටි අනූ ලක්ෂය ඉක්මවන බව කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරික කේ.ඩී චිත්‍රපාල මහතා පවසා ඇත.

එම නිසා කොළඹ මහ නගර සභාවට අදාල ප්‍රසංගයෙන් අයවිය යුතු බදු මුදල් ලබාගැනිම සදහා නඩු මාර්ගයට යොමු වන බවයි ඔහු පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>