Enrique ගේ ප්‍රසංගය පිළිබඳව ජනපති කළ ප්‍රකාශය විදෙස් මාධ්‍යයට

null

මෙරට සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවත්, මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා තිබුණි.

ඒ පසුගියදා කොළඹදී පැවති ලතින් පොප් ගායක Enrique Iglesias ගේ ප්‍රසංගයේදී සිදුවූ සිද්ධීන් කිහිපයක් මුල් කරගනිමිනි.

පැයකට පමණක් සීමාවී ඇති එවැනි සංගීත සංදර්ශනවල ටිකට් වල වටිනාකම් අනුව අරක්කු, බියර්, විස්කි වැනි බීම වර්ග පානය කර මත්වු බවත්, කාන්තාවන්ගේ තනපට ගලවා අදාළ ගායකයාට විසිකළ බවත් වේදිකාවට නැග ගායකයා සිප ගන්නා බවත් ඔහු සඳහන් කර තිබුණි.

ජනාධිපතිවරයා විසින් සිදු කළ එම ප්‍රකාශය yahoo news වෙබ් අඩවියෙහි ද වාර්තා කර තිබේ. ඒ “Iglesias show’s organisers ‘should be whipped': Sri Lanka leader” සිරස්තලය යටතේ හිය.

එහි සඳහන්ව තිබෙන ආකාරයට ශ්‍රී ලංකාවේ සමාජය තුළ මහජනයා ගැවසෙන ස්ථාන වල සිප ගැනීමක් පවා සිදු කිරීම අප්‍රසන්න දෙයක් ලෙසට සළකන බවත්, මහජන උද්යාන හෝ මුහුදු ඉදිරිපිට එළෙස හැසිරෙන ජෝඩු අත්අඩංගුවට ගැනීමට ලංකාවේ පොලිසිය ක්‍රියාකරන බවත් එම වාර්තාවෙහි දැක්වේ.

yahoo news වෙබ් අඩවියෙහි පළ කර තිබූ පුවත පහතින්…

Iglesias show’s organisers ‘should be whipped': Sri Lanka leader

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>