Enrique බලන්න ගිය කොරීන් මහේල හා සංගාගෙන් නැවත මුදල් ඉල්ලයි
පසුගිය දා කොළඹ පැවති ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසිස්ගේ ප්රසංගය ශ්රී ලංකාවාසීන්ගේ දැඩි අප්රසාදයට හේතුවිය.
මෙම ප්රසංගය පැවැත්වූ ආකාරය සම්බන්ධයෙන් සමස්ථ රට තුළ මෙන්ම සමාජජාල වෙබ් අඩවි ඔස්සේ තවදුරත්ටත් විවේචන එල්ල වෙමින් පවතියි.
මෙම ප්රසංගයේ ප්රවේශපත්ර රුපියල් 35,000. / 30,000. /20,000. /10,000. සහ 5000 ලෙස මිල නියම කර තිබිණිග රුපියල් 35000 ප්රවේශ පත මිලට ගන්නා අය VIP ප්රවේශපත්ර ලාභීන් ලෙස නම් කර තිබූ අතර වේදිකාව ඉදිරිපස කොටසටවී ප්රසංගය නැරඹීමේ අවකාශය දෙන බව කියා තිබිණි.
කෙසේ වෙතත් මෙම ප්රසංගය නරඹන්නට රුපියල් 35000 වීඅයිපී ටිකට්පත් 4 ක් ලබාගෙන ඉදිරියෙන්ම සිටගෙන සිටි ගායිකා කොරින් අල්මේදා ඇතුළු පවුලේ උදවිය තමන්ට අසාධාරණයක් සිදුවූ බවට චෝදනා කරන අතර සතිඅන්ත පුවත්පතක් වෙත අදහස් පළකරමින් උත්සවය සංවිධානය කළ මහේල හා සංගක්කාර ඇතුළු සංවිධායකයන් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කර තිබේ.
ඇය පවසන්නේ තමා ඇතුළු පවුලේ අය එක් ලක්ෂ හතලිස් දහසක් ගෙවා වීඅයිපී ටිකට්පත් ලබා වේදිකාවේ ඉදිරියේ සිටගෙන සිටි නමුත් පැය 4 ක් ප්රමාදවී ප්රසංගය ආරම්භ කිරීමත් සමග අඩු මිල ටිකට් සහිත විශාල කන්ඩායම් සෙනග තෙරපාගෙන ඉදිරියට පැමිණි බවත් තමන් ඇතුළු අය මැදට තල්ලූ කරදමා එම ස්ථාන අත්පත් කරගත් බවත්ය. ඒ අවස්ථාවේ ප්රසංග සංවිධායකයින් කිසිවෙකු සිදුවුණ අසාධාරණය නිවැරදි කරන්නට ඉදිරිපත් නොවුණ බවද පෙන්වා දෙන කොරින් මහේල හා සංගක්කාර මෙම දුර්වල සංවිධානය වෙනුවෙන් වගකීම භාරගතයුතු බවද කියා සිටි. ඇය තමාගේ මුදල් නැවත ගෙවන ලෙසද සංවිධායකයන්ගෙන් ඉල්ලා ඇත.
රුපියල් 35000 ක ප්රවේශ පතට හිමිවන්නට තිබූ කිසිදු වටිනාකමක් ලබා දීමට සංවිධායකයින් අපොහොසත් වූ අතර ශබ්ද පරිපාලනය ඇතුළු තාක්ෂණික මෙහෙයුම් අතින්ද ප්රංගය ඉතා පහත් මට්ටමක පැවති බව ඇය සඳහන් කරයි.
අඩුම තරමේ සමහර ගීතවල එන්රික්ගේ හඬවත් ප්රේක්ෂකයින්ට නොඇසුනු බවත් ඇය වැඩිදුරටත් ප්රකාශ කර ඇත.