Enrique Iglesias ලංකාවට පැමිණේ

null

ලොව සුපිරි පොප් ගායන තරුවක් වන Enrique Iglesias ඊයේ (20) ලංකාවට පැමිණ තිබේ. ඒ ඔහුගේ ‘Sex and Love’ සංගීත ප්‍රසංගය සඳහායි.

එම සංගීත ප්‍රසංගය ඊයේ රාත්‍රියේ කොළඹ CR&FC ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. එම ප්‍රසංගය සංවිධානය කර තිබුනේ සංගා සහ මහේලගේ ‘Live Events’ සමාගම විසිනි.

මෙම ප්‍රසංගයේ ටිකට්පත් රුපියල් 5000 සේ සිට 35000 ස දක්වා මිල ගණන් යටතේ අලෙවි වී තිබුණි. එය නැරඹීම සඳහා දේශීය මෙන්ම විදේශීය ප්‍රේක්ෂකයින් විශාල ප්‍රමාණයක් එක්ව සිටි බවට වාර්තා වෙයි.

කෙසේ වෙතත් එය සංවිධානය කර තිබු ආකාරය ප්‍රේක්ෂකයන්ගේ දෝෂදර්ශනයට ලක්ව තිබෙන අයුරු ෆේස්බුක් සමාජ ජලයෙහි දැකිය හැක. ඔවුන් පවසා ඇත්තේ ක්‍රීඩාංගනයට ඇතුළු වීමට පැය ගණනක් පෝළිමේ සිටීමට සිදුවූ බවත් ප්‍රවේශ පත්‍ර ලබාදෙන ස්ථාන පවා නොසැලකිලිමත් අයුරින් තිබු බවත් ය.

මෙම ප්‍රසංගය රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතව තිබුණත් එය ආරම්භ කර ඇත්තේ රාත්‍රී 11.00ට පමණය. මේ හේතුවෙන් ප්‍රේක්ෂකයන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

කෙසේ වෙතත් පසුව අනාවරණය වී ඇත්තේ Enrique Iglesias ගේ සංගීත කණ්ඩායම මෙරටට පැමිණීමේදී ප්‍රමාදයක් සිදුව ඇති බවයි. සංගීත ප්‍රසංගය ආරම්භයේදී Enrique Iglesias මේ පිළිබඳව ප්‍රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා තිබෙන බවද වාර්තා වෙයි.

ඔහු කොළඹ දී පැවැත්වූ ප්‍රසංගයේ ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් පහතින් දැක්වේ…

null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>