EPF සහ ETF එක්කර නව අරමුදලක්

null

සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සුරක්ෂිත කිරීම සඳහා පියවර ගන්නා බවත්, එම අරමුදල් දෙක එකට එක්කොට ‘ජාතික විශ්‍රාම පාරිතෝෂිත අරමුදල’ නමින් නව අරමුදලක් පිහිටුවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී පැවසිය.

ඒ අනුව ට්‍රිලියන 1.7ක වත්කම් මෙම යටතට පත්වන බව හෙතෙම කියා සිටියේය.

පසුගිය රජයේ සිදුකළ අයුරින් අරමුදලේ මුදල් එක් එක් දේශපාලනඥයින්ට හෝ නිලධාරීන්ට අවශ්‍ය පරිදි නාස්ති කිරීමට ඉඩ නොදෙන බවත්, එහි පාලන කටයුතු සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරනුයේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව බවත් ඔහු සිහිපත් කළේය.

එසේම මෙම අරමුදල සුපරීක්ෂණය කිරීමේ වගකීම මහජන ධන භාරයට පැවරෙන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වැඩ කරන ජනතාවට අවම ජිවන වැටුපක් සහතික කිරීම සඳහා රජය, වෘත්තිය සමිති සහ වාණිජ මණ්ඩල නියෝජිතයන් ඇතුලත් සේවක ක්වුන්සිලයක් පිහිටුවන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම යල්පැනගිය රජයේ විශ්‍රාම වැටුප් ක්‍රමය යලි සමාලෝචනයට භාජනය කිරීමද රජය කටයුතු කරන බවත්, නව යුගයට ගැලපෙන හා සේවක සේවිකාවන්ගේ විශ්‍රාම සාමය සුරක්ෂිත වන පරිදි නව ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදෙන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>