ETF සහ EPF එකතු කිරීමෙන් හානියක් නැහැ

null

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සම්බන්ධව කිසිදු ආකාරයක අනියත බියක් ඇති නොකර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෘත්තීය සමිති නියෝජිතයින්ට දැනුම් දී තිබේ.

ඒ වෘත්තීය සමිති නියෝජිතයන් සමග ඊයේ (16) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයි. ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර මෙම සාකච්ඡා පැවැත්විය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත්දා කියා සිටියේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එ්කාබද්ධ කර පෞද්ගලික අංශයේ සේවකයින්ට වැඩි ප‍්‍රතිලාභ ලබාදෙන නව ක‍්‍රමයක් හඳුන්වාදෙන බවයි.

මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය සකස් කිරීම වඩාත් විනිවිදභාවයකින් සිදුකෙරෙන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත. එමෙන්ම ඒ සඳහා වෘත්තීය සමිතිවල නව අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් එ් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, එ් සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් අග‍්‍රාමාත්‍යවරයා තමන්ට පොරොන්දු වූ බව වෘත්තීය සමිති එ්කාබද්ධ කිරීමේ කමිටුවේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

නිසි ක‍්‍රමවේදයක් සකස් කරන තුරු සේවක අර්ථසාධක අරමුදලට හෝ සේවක භාරකාර අරමුදලට අත නොතබන ලෙස තමන් අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>