09 Oct 2015
Facebook එකට අලුතින් එකතුවූ Emoji 6
ෆේස් බුක් පරිශීලකයින්ට මෙතෙක් කලක් තමන් කැමති අකමැති ඕනම පෝස්ට් එකකට ප්රතිචාර දැක්වීමට හැකිවුයේ ‘Like’ බොත්තම හරහා පමණි.
මෙම අත්දැකීම තවත් වර්ධනය කරමින් ‘Like’ බොත්තමට තවත් ඉමොජි (Emoji) 6ක් එක් කිරීමට එම වෙබ් අඩවිය පියවර ගෙන තිබේ. Like බොත්තම මද වේලාවක් ඔබාගෙන සිටි පසු ඔබට එම ඉමොජි 6 දක්නට ලැබෙනවා ඇත.
එම ඉමොජි 6 “Love“ “Haha“ “Yay“ “Wow“ “Sad“ “Aangry“ ලෙසින් හඳුන්වා දී තිබේ.
මෙම ඉමොජි 6 තේරීමේදී ෆේස්බුක් පරීශීලනය කරන්නන් විසින් වැඩි වශයෙන් භාවිතා කරන අදහස් සහ සළකුණු සැළකිල්ලට ගෙන තිබේ.
කෙසේවෙතත්, බොහෝදෙනා බලාපොරොත්තු වූ ‘Dislike’ සළකුණ නම් මෙම ඉමොජි අතරට එක් කර නොමැත.
මෙම අත්හදාබැලීම ෆේස්බුක් සමාගම විසින් අද සිට අරඹන බව පැවසෙන අතර ඒ සඳහා අදාල වීඩියෝව පහතින් දැක්වේ.