17 Oct 2015
G-24 සභාපතීත්වය ශ්‍රී ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය කටයුතු සංවර්ධනය පිළිබඳ ජී – 24 අන්තර් රාජ්‍ය කණ්ඩායමේ සභාපති ධුරය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
පසුගිය දා පේරු රාජ්‍යයේ ලීමා අගනුවර පැවැති ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගි වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙත ජී – 24 අන්තර් රාජ්‍ය කණ්ඩායමේ සභාපතීත්වය හිමි වී තිබේ.
එම සමුළුව 2018 වසරේ ඉන්දුනීසියාවේ බලිනූසා හිදී පැවැත්වෙන ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සමගාමීව සංවිධාන කර ඇත.