27 Sep 2015
Google 17 වෙනි උපන්දිනය සමරයි
ලොව ප්රකට Google සමාගම අද (27) ඔවුන්ගේ 17 වන උපන්දිනය සමරයි. 1990 අන්තර්ජාලය සිහිගන්වන Doodle එකක් මුල්පිටුවෙහි පළකරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබේ.
මේ doodle එකෙහි පැරණි පුද්ගලික පරිගණකයක්, lava lamp සහ 1998 දී පැවති Google logo එක දක්නට ලැබේ.
Doodle බ්ලොගයට අනුව 17 වෙනි උපන්දින Doodle එක ලොව සියලුම රටවල් වලට දර්ශනය වෙනු ඇත.