Google Street View අද සිට ලංකාවටත්

null

Google Map යනු සියලු දෙනාටම ප්‍රයෝජනවත් අංගයක් වන අතර එය ලොව පුරා බොහෝ පිරිසක් භාවිතා කරනු ලබයි. එමෙන්ම Google Map වල ඇති Google Street Views වැඩසටහනද එසේය.

මේ වන විට රටවල් 63ක් ආවරණය කර ඇති Google Map Street View වැඩසටහන මෙතෙක් ලංකාව සඳහා සහාය දැක්වූයේ නැත.

නමුත් අද දිනයේ සිට ශ්‍රී ලංකාවටද එම අවස්ථාව උදා වේ. ඒ ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව තම Street Views වැඩසටහන සඳහා මෙරට මහාමාර්ග වල සිට ඡායාරූප ගැනීම ආරම්භ කරන බව ගූගල් සමාගම නිවේදනය කිරීමත් සමගයි.

Google Map Street View වැඩසටහන ඔස්සේ අන්තර්ජාලය හරහා කිසියම් ස්ථානයක හාත්පස පැතිරුණු දර්ශණයක් (360 Panoramic View) දැකබලාගැනීමේ අවස්ථාව උදා වේ.

වැඩසටහන මඟින් ආවරණය කරඇති රටවල් වල ගූගල් සිතියම් Zoom in කිරීමෙන් හෝ සිතියමේ දකුණු පස කෙලවරේ ඇති තැඹිලි පැහැ Pegman සංකේතය සිතියම මතට Drag කර නිල් පැහැයෙන් ලකුණු වන මාවත් පරීක්ෂා කිරීමෙන් Street Views ඡායාරූපය දැකබලාගත හැක.

අද පටන් විශේෂ කැමරා සවිකළ ගූගල් කාර් රථ මඟින් විවිධ මාර්ගවල අංශක 360 ඡායාරූප ගැනීම සිදුකෙරේ. යාපනය, මාතර සහ ආරුගම්බේ යන ප්‍රදේශ වලින් ආරම්භ වන මෙය දිගු කාලීන ආයෝජනයක මුල් පියවරක් ලෙස හැඳින්වීමට හැක. එමෙන්ම මේ යටතේ ඉදිරි වසර කීපය තුල සමස්ථ දිවයිනේම ඡායාරූප ගැනීමට කටයුතු කෙරෙණු ඇත.

ස්ට්‍රීට් විව් හරහා ශ්‍රී ලංකාව දැකබලාගත හැකි දිනය නිවේදනය කිරීමට ගූගල් සමාගම නුදුරේදීම කටයුතු කරනු ඇති අතර එවිට maps.google.lk වෙත පිවිස එම අත්දැකීම ලබාගැනීමට හැක.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>