HNDA සිසුන්ට පහරදුන් පොලිස් නිලධාරීන් ගැන තීරණය 10 වැනිදා

null

ජාතික උසස් තාක්ෂණ සිසුන්ගේ විරෝධතාවට එල්ලවූ පොලිස් ප්‍රහාරයට වගකිව යුතු උසස් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම ලබන 10 වැනිදා පැවැත්වෙන ත්‍රිපුද්ගල කමිටු සාකච්ඡාවෙන් පසුව සිදුකරන බව ජාතික පොලිස් කොමිසම පවසයි.

විනය ක්‍රියාමාර්ග ගැනීමකට ලක්ව සිටින්නේ ප්‍රධාක පොලිස් පරීක්ෂක තනතුරේ සිට ඉහළ තනතුරු දරන පොලිස් නිලධාරීන් පිරිසකට බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පැවසීය.

පොලිස් කමිටුව ඉකුත් 3 දා රැස්වූවද එහිදී පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹී නැතැයිද කුරේ මහතා වැඩිදුරටත් පැවසීය.

බදුල්ල විශ්‍රාමික ලේකම් සී.වී.ගුණවර්ධන මහතා සභාපතීත්වය දරන පොලිස් කොමිසමේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂක එන්.මොරගොල්ල,විමර්ශන නිලධාරී කේ.පී.චූලරත්න යන මහත්වරු අනෙක් සාමාජිකයෝ වෙති.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>