HNDA සිසුන්ට වන්දි ගෙවන්නැයි නිර්දේශයක්

null

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයේදී ප්‍රහාරයට ලක්වූ උසස් ජාතික ගණකාධිකරණ සිසුන්ට වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිර්දේශ කර තිබේ.

ඒ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් එම කොමිසම විසින් සිදුකළ පරීක්ෂණයට අදාළ වාර්තාව එළිදක්වමින්ය.

ඒ අනුව එම අවස්ථාවේදී පොලිස් ප‍්‍රහාරයට ලක් වූ සිසුවිය ඇතුළු තුවාල ලැබූ සිසුන්ට වන්දි මුදල් ගෙවන ලෙස අදාළ වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

උසස් ජාතික ගණකාධිකරණ සිසුන් පිරිසක් ඔවුන්ගේ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාවය ලබා දෙන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පසුගිය දා විරෝධතාවයක නිරත වූ අතර පොලීසිය පහරදීමෙන් එම සිසුන් පළවා හරින ලදී.

මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි විශේෂ කමිටුවක් ද පත්කර තිබුණි.

එහි වාර්තාව ද මේ වන විට අග‍්‍රාමාත්‍යවරයාට භාර දී තිබෙන අතර එය ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>