ICCයෙන් ලංකාවට ක්‍රිකට් තහනමක්?

null

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අත්හිටුවීමේ අවදානමක් මතුව ඇති බව එම කවුන්සිලය පවසයි.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ කටයුතුවලට බලපෑම් කර ඇති බවට තහවුරු වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව තාවකාලිකව ඉවත් කෙරෙන බව එහි ප්‍රධාන විධායක රිචඩ්සන් මහතා මෙරට ක්‍රිකට් බලධාරීන් වෙත දැනුම් දී තිබේ.

තමන් එම අතුරු කමිටුව පිළිබඳව විමසිල්ලෙන් සිටින බවද, නිලවරණයෙන් පත්වු නිලධාරීන්ගේ කිිසියම් වරදක් ඇත්නම් එය විමර්ශනය කිරීමට ශ්‍රී ලංකාවට අයිතියක් තිබෙන බවද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

එමෙන්ම අතුරු පාලක කමිටුවක්පත් කිරීම දේශපාලනික ඇඟිලි ගැසීමක් බවට පෙනී ගිය හොත් තමන් එය අනුමත නොකරන බවද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසන අතර එසේ වුවහොත් අදාල අවධානම මතුවන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව පියවරක් ගනු ලබන්නේ, වර්තමානයේ සිදුව ඇති සිදුවීම් පිළිබඳව නිසි විමර්ශනයකින් අනතුරුව වන බවද ප්‍රධාන විධායක රිචඩ්සන් මහතා දන්වා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>