IS සටන්කාමින් ඇමරිකානු තරුණියක් ඝාතනය කරයි

null

තවත් ප‍්‍රාණ ඇපකරුවෙකු අයි.එස්. සටන්කාමීන් විසින් ඝාතනය කර ඇතැයි අමෙරිකාව තහවුරු කරයි. මෙලෙස ඝාතනය කර ඇත්තේ 2013 වසරේ සිරියාවේදී අයි.එස්. සටන්කාමීන්ගේ අත්අඩංගුවට පත්වූ 22 හැවිරිදි කයිලාර් මුලර් නමැති තරුණියක්.

ඇය සහන සේවා නිලධාරිනියක ලෙස කටයුතු කර ඇති අතර අයි.එස්. සටන්කාමීන් භාරයේ පසුවූ අවසන් ඇමරිකානුවා බව සැලකේ.

කෙසේ වෙතත්, අයි.එස්. සටන්කාමීන් පවසන්නේ මෙම ඝාතනය සිය සංවිධානය සිදුනොකළ අතර ජෝර්දාන ගුවන් ප‍්‍රහාරයකින් ඇය ඝාතනය වී ඇති බවයි.

නමුත් එ් බව තහවුරු කිරීම සඳහා ඔවුන් සාක්ෂි ඉදිරිපත් කර නොමැත. එ් අනුව අදාළ ඝාතනය තමන්ට විශ්වාස කළ නොහැකි බව පවසමින් ක්්‍යාලාගේ මවුපියන් අයි.එස්. සටන්කාමීන් වෙත ලිපියක්ද යවනු ලැබුවේය. තවදුරටත් ප‍්‍රාණ ඇපයේ තබාගෙන සිටින සිය දියණිය නිදහස් කරන ලෙස ඔවුන් එම ලිපියෙන් අයි.එස්. සටන්කාමීන්ගෙන් ඉල්ලා තිබුණි.

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර තිබෙන්නේ ඇමරිකානු තරුණිය ඝාතනය කිරීම අයි.එස්. සටන්කාමීන් විසින් සිදුකළ බවට තහවුරු වී ඇති බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>