ISIS අළුගෝසුවා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් බව හඳුනාගැනේ

null

ISIS සටන්කාමීන් විසින් පැහැර ගත් විදේශිකයින් ඝාතනය කරන ජිහාඞ් ජෝන් නමැති පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව පළමුවරට අනාවරණය කර ගෙන තිබේ.

කුවේට් රාජ්‍යයේ උපන් මෙම පුද්ගලයා බි‍්‍රතාන්‍යයේ පුරවැසිභාවය ලබාගත් මොහොමඩ් එම්වාසි නමැති පුද්ගලයෙකි.

මේ පිළිබඳ ආරක්ෂක අංශ මීට පෙර සිටම තොරතුරු සොයාගෙන සිටියත්, එහි රහස්‍යභාවය ආරක්ෂා කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.

අයි.එස්. සංවිධානයේ අළුගෝසුවා නමින් හැඳින්වෙන ජිහාඞ්ජෝන් පළමු වරට වීඩියෝ දර්ශනයක් මගින් ලොවට අනාවරණ වූයේ ඉකුත් අගෝස්තු මාසයේදියි. එ් අමෙරිකානු මාධවේදියෙකුගේ හිස ගසා මරා දමන ආකාරය දැක්වෙන වීඩියෝ පටයකයි.

ඉන් අනතුරුව ඇමෙරිකානු මාධ්‍යවේදී ස්ටීවන් සොට්ලොෆ්, බ්‍රිතාන්‍ය සහන සේවක ඩේවිඩ් හෙයින්ස්, බ්‍රිතාන්‍ය ටැක්සි රථ රියදුරු ඇලන් හෙනින්ග් සහ ඇමෙරිකානු සහන සේවක අබ්දුල් අහ්මන් කාසිග් සහ ජපාන ජාතික ප්‍රාණඇපකරුවන් දෙදෙනා ඝාතනය කරන වීඩියෝවලින්ද ඔහු ජිහාඩි ජෝන් නමින් පෙනී සිටියේය.

ඒ සෑම වීඩියෝවකම කළු වර්ණයෙන් යුතු ඇඳුමක් හැඳ සිටි ඔහුගේ ඇස් සහ නාසයෙන් කොටසක් පමණක් පිටතට නිරාවරණය විය.

මොහොමඞ් එන්වාසි අත්අඩංගුවට ගැනීම සඳහා බි‍්‍රතාන්‍ය රහස් ඔත්තු සේවා විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බව සඳහන්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>