ISIS ගෙල සිඳින අළුගෝසුවා ඝාතනය කෙරේ

null

IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදයේ, ප්‍රසිද්ධියේ බෙලි කපමින්, තම ක්‍රෑරත්වය ප්‍රදර්ශනය කළ ජිහාඩි ජෝන් නමැති ත්‍රස්තවාදියා ඉලක්කකර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව ඇමෙරිකාව පවසයි.

පෙරේදා (12) සිරියාවේ රක්ඛා නගරය වෙත එල්ල කළ මෙම ඩ්‍රෝන ප්‍රහාරයෙන් ජිහාඩි ජෝන් නිසැක ලෙසම ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බව ඇමෙරිකානු ආරක්ෂක අංශ අවධාරණය කරයි.

ඉකුත් සමයේ අයි එස් ත‍්‍රස්ත සංවිධානය විසින් නිකුත් කළ, පුද්ගලයින්ගේ ගෙළසිද මරා දමන වීඩියෝ රැසක ප‍්‍රධාන අලූගෝසුවා ලෙස සිටියේද මෙහොමඞ් එම්වාසි නොහොත් ජිහාඞ් ජෝන්.

මොහොමඩ් එම්වාසි, හෙවත් ජිහාඩි ජෝන් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මොහු ක්වේටයේ උපන්, බ්‍රිතාන්‍ය හමුදා සාමාජිකයෙකි.

මේ අතර, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසන්නේ ගුවන් ප්‍රහාරය සාර්ථක වුවත් ජිහාඩි ජෝන් මියගිය බවට මෙතෙක් පැහැදිලි සාක්ෂියක් ලැබී නොමැති බවයි. කෙසේ වෙතත්, එය මේ අවස්ථාවේ අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක් බවද ඩේවිඩි කැමරන් අවධාරණය කරයි.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>