ISIS ත්‍රස්තවාදීන් 2020දී ලංකාවත් අත්පත් කරගන්නවාලු

null

ISIS ත්‍රස්තවාදී සංවිධානය විසින් ඉදිරි වසර පහක කාලය ඇතුලත ලෝක වපසරියෙන් විශාල කොටසක් අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති බව දැක්වෙන සිතියමක් BBC ලෝක සේවයේ වාර්තාකරුවෙකු වන Andrew Hosken විසින් හෙළිදරව් කර තිබේ.

මෙම සිතියමට අනුව ISIS ත්‍රස්තවාදීන් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන අති විශාල බිම්කොටසට දක්ෂිණ යුරෝපය ද අප්‍රිකාවේ විශාල කොටසක් ද මධ්‍යම හා දකුණු ආසියාව ද ඇතුලත් වෙයි.

එම සිතියමට අනුව ඉදිරි වසර පහ තුලදී අයත් කරගන්නා රටක් ලෙස ලංකාවද ලකුණු කොට තිබෙන අයුරු දැකගත හැක.

2020 දී මෙම සිතියෙමේ දැක්වෙන රටවල් අත්පත් කරගැනීම සඳහා ISIS සංවිධානය දැනටමත් ප්‍රහාර මෙන්ම සූක්ෂම කටයුතු ආරම්භ කොට ඇති බව පෙන්වාදෙන Andrew Hosken එයට උදාහරණ ලෙස ලිබියාවට, සෞදි අරාබියට, ටියුනිසියාවට එල්ලවූ ISIS ප්‍රහාර පෙන්වා දෙනු ලබයි.

Andrew Hosken විසින් ඉදිරිපත් කළ සිතියම පහතින්…

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>