17 Nov 2015
ISIS මීළඟ ඉලක්කය වොෂින්ටන් බව පවසයි
පසුගියදා ප්‍රංශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන තිබුණි. ඉන් අනතුරුව ISIS ත්‍රස්ථයන් නවතම වීඩියෝවක් මුදා හරිමින් ප්‍රකාශ කොට ඇත්තේ ඊලඟ ඉලක්ක ඇමරිකාවේ වොෂින්ටන් බවයි.
සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කල සියළු රටවලට වන්දි ගෙවීමට සිදුවන බවත් මෙය පළමු ප්‍රහාරය නොවන බව පැරිසියට එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත.
කෙසේ වෙතත් ප්‍රංශය මේ වන විට ISIS ඉලක්ක වෙත දරුණු ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබෙන අතර මේ වන විට ප්‍රහාරක ජෙට් යාන 10 කින් ඉලක්ක 20 ක් විනාශ කර ඇති බව පැවසේ.
අධි බලැති ප්‍රහාරක ගුවන් යානා යොදා ගනිමින් ප්‍රංශය මෙලෙස සිදු කරන ගුවන් ප්‍රහාරවලින් ISIS ත්රස්තවාදීන්ගේ සටන්කරුවන් බඳවා ගන්නා මර්මස්ථානයක් සහ සටන් පුහුණු මධ්‍යස්ථානයක් විනාශ කළ බවත් සඳහන්.