ISIS විසින් රුසියානු ගුවන් යානය විනාශ කළ බවට පැවසෙන වීඩියෝවක් මුදාහරී
ඊයේ (31) මගීන් 224 දෙනෙකු සමඟ කඩා වැටුණු රුසියාවට අයත් ගුවන් යානය ISIS සටන්කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කර විනාශ කර ඇති බවට ISIS සටන්කාමීන් පවසයි.
ඒ බව සනාථ කරමින් ඔවුව් විසින් අදාළ ගුවන් යානය කඩා වැටෙනවා යැයි සැලකෙන වීඩියෝ පටයක් මේ වන විට අන්තර්ජාලයට නිකතු කර තිබේ.
IS ඉස්ලාම් රාජ්‍යයට එරෙහිව රුසියාව සිදුකරන ගුවන් ප්‍රහාරවලින් සිරියාවේ සිය ගණන් මුස්ලිම්වරු ජීවිතක්ෂයට පත්වන බව පවසමින් මෙම ප්‍රහාරය එල්ල කළ බව ඊජිප්තුවේ සිනායි පළාතේ සිටින ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් නිවේදනයක්ද නිකුත් කරමින් පවසා තිබුණි.
කෙසේ වෙතත් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන රුසියාව පවසන්නේ අදාළ ගුවන් යානය කාර්මික දෝශයක් හේතුවෙන් කඩා වැටී ඇති බවයි.
මෙම යානය ඊජිප්තුවේ සිට රුසියාවේ පීටර්ස්බර්ග් නුවර දක්වා පියාසර කරමින් තිබියදී අනතුරට ලක්ව තිබුණු අතර, ඊයේ (31දා) කයිරෝ වේලාවෙන් අලුයම 5.51ට යානය ගුවන්ගත වී විනාඩි 23කින් එය රේඩාර් තිරයෙන් අතුරුදන් වී තිබුණා. යානය ගමන් කර ඇත්තේ අඩි 31.000 පමණ උසකින් නිසා ඊට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම ගැනද මේ වන විට මතභේද මතුවී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ යානය ගමන් කළ මගීන් 217න් 214ක් රුසියානුවන් බවද, සෙසු තිදෙනා යුක්රේන ජාතිකයන් බවද පැවසෙයි. මේ අතර, කාන්තාවන් 138ක්, පිරිමි 62ක්, කුඩා දරුවන් 17ක් සිට තිබේ.
ISIS සටන්කාමීන් විසින් නිකුත් කර ඇති වීඩියෝව පහතින් නරඹන්න…