ISIS සංවිධානයේ අලුත්ම වදකයා ‘ද බුල්ඩෝසර්’

null

ISIS සංවිධානයේ වදකයෙකු ලෙස මිනිසුන්ගේ ගෙල සිඳීමේ සිට ඔවුන්ට වද හිංසා පැමිණවීම දක්වා වූ කණ්ඩායමේ පුමුඛ සාමාජිකයෙකු ලෙස ‘ද බුල්ඩෝසර්’ නමින් සිටින තැනැත්තෙකු මේ වනවිට හඳුනාගෙන තිබේ.

අධික තරබාරු පුද්ගලයෙකු බව බැලූ බැල්මටම දිස්වන මෙම මනුෂ්‍ය ඝාතකයා එම සංවිධානයේ ජිහාඩි ජෝන් නමැති අන්වර්ථ නාමයෙන් සිටි මොහොමඩ් එම්වාසි ආකාරයෙන්ම සිය මුහුණ ආවරණය කරමින් ඝාතන සිදුකරන්නෙකි.

කෙසේ වෙතත්, ඔහුගේ ශරීරයේ වූ විශාලත්වය සමග ඔහු අත දරණ විශාල කඩුව හිතක් පපුවක් නොමැතිව අහිංසක මිනිසුන්ගේ හිස කඳින් වෙන් කරන බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසා සිටිති.

මෙම ඝාතකයා වැඩ හිංසා පමුණුවන අවස්ථා නැරඹීමට ඉරාකයේ ජනයාව ද වීදිවලට රැස්කර තිබූණි.

මේ අතර ඉස්ලාම් රාජ්‍ය සංවිධානය සමග සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළ 14 හැවිරිදි දරුවෙකුගේ දකුණත හා පාදය කපා දැමීමට කටයුතු කර තිබුණේද මෙම බුල්ඩෝසර් නැමැත්තාය.

ඕමාර් නමැති එම දරුවා පවසා ඇත්තේ, ලී කොටයක් මත තමාගේ අත හා පාදය තැබූ ඒ දැවැන්ත ඝාතකයා විශාල කඩුවකින් අතක් හා පාදයක් වෙන්වන ආකාරයට කපා දැමූ බවයි.

‘ද බුල්ඩෝසර්’ගේ ඡායාරූප පහතින්…

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>