ISIS සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් 21කගේ හිස ගසාදමයි
ISIS සටන්කාමීන් විසින් ප‍්‍රාණ ඇපයට ගෙන සිටි ඊජිප්තු වැසියන් 21 දෙනෙකු ගෙල කපා ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි වීඩියෝවක්ද ISIS සටන්කාමීන් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබේ.
තැඹිලි පැහැති කබා අන්දවා, බිම දණගැස්වීමට සලස්වා ඔවුන්ගේ හිස ගසා දැමීමෙන් අදාළ ඝාතන සිදුකර තිබේ.
ඔවුන් එලෙස ඝාතනය කිරීමට හේතුව ඔවුන් කිතුනු බැතිමතුන් වීම බව ද අදාළ වීඩියෝ පටයෙන් හෙළි කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එලෙස ඝාතනය කෙරුණු ඊජිප්තු ජාතිකයින් පසුගිය දෙසැම්බර් හා ජනවාරි කාලසීමාව තුළ පැහැරගැනීමට ලක් වූයේ, ලිබියාවේ මුහුදුබඩ නගරයක් වන සර්ට්හිදී ය.
මේ අතර අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදය තුරන් කිරීමට ලොව අන් රටවල් සමග එක්ව ක්‍රියාකරන බව ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි පැවසී ය. මෙම ඝාතන හෙළා දුටු ඊජිප්තුව මේ හේතුවෙන් සතියක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කර තිබේ.