IT ලැබ් එකේදී සිසුවියට අතවර කල ගුරුවරයා අත්අඩංගුවට

null

කටුවන ප්‍රදේශයේ ජාතික පාසලක IT උගන්වන ගුරුවරයෙකු එම පාසලේම 9 වසරේ ඉගෙනුම ලබන සිසුවියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කර තිබේ.

මෙම සැකකාර ගුරුවරයා පසුගිය 10 වන දින තංගල්ල කාන්තා හා ළමා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් අතර වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මොහු 29 හැවිරිදි ජානක සම්පත් නැමති අයෙකු වන අතර එම පාසලේ IT ඉගැන්වීමට අමතරව ප්‍රදේශයේ පුද්ගලික පන්ති කිහිපයක්ද පවත්වාගෙන ගොස් ඇත.

මෙම පරිඝනක ගුරුවරයා පසුගිය අප්‍රේල් මාසයේ සිට පාසලේ පරිඝනක කාමරය තුලදී එම සිසුවියව විටින් විට අතවරයට ලක් කර ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් තංගල්ල කාන්තා හා ළමා කාර්යාංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>