LTTE ජාත්‍යන්තර ජාලය තවමත් සක්‍රීය බව ඇමරිකාව කියයි
යුධමය වශයෙන් පරාජය වුවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර ජාලය තවමත් සක්‍රීය බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවක සඳහන් වෙයි.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව 2014 වර්ෂය සඳහා විවිධ රටවල් සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වෙයි. අදාළ වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පසුගිය වර්ෂය පුරාම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මූල්‍ය ජාලය ක්‍රියාත්මක වූ බවයි.
2009 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත ප්‍රහාර කිසිවක් වාර්තා වී නොමැත. එහෙත් විදේශයන්හි එවැනි ප්‍රහාරවලට සැරසුණු එල්.ටී.ටී.ඊ. ආධාරකරුවන් 13 දෙනෙකු පසුගිය වසරේ මලයාසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැංවීමට උත්සාහ කරන බවට සැක කෙරෙන සංවිධාන 16ක් සහ පුද්ගලයන් 422 ලක් රජය මගින් පසුගිය වසරේදී නම් කළ බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි.