LTTE රැඳවියන් නිදහස් කිරීම නිසා මහින්දට ජීවිත තර්ජනයක්

null

වත්මන් රජය පුනරුත්තාපනය නොකළ දරුණු එල්.ටී.ටී.ඊ. රැඳවියන් නිදහස් කිරීම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයට විශාල තර්ජනයක් එල්ල වී ඇතැයි එ් මහතාගේ මාධ්‍ය එ්කකය පවසයි.

මේ හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා අමතර හමුදා සෙබලූන් සහ නිලධාරීන් අනුයුක්ත කළ යුතු බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එල්.ටි.ටි.ඊ. සංවිධානයේ සාමාජිකයින් 11,000කට වැඩි පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව විසින් පුනරුත්ථාපනය කර නිදහස් කළ අතර බන්ධනාගාරවල මෙතෙක් රඳවා ඇත්තේ පුනරුත්ථාපනය කළ නොහැකි දරුණු ගණයේ ත්‍රස්තවාදීන් බව අදාළ නිවේදනයේ සඳහන්ය.

මහින්ද රාජපක්ෂ මහතාට අමතරව යුද්ධය අවසන් කිරීමේ දී ප්‍රධාන කාර්යයක් ඉටුකළ සෙසු හමුදා හා සිවිල් නිලධාරීන්ගේ ද ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීම ආණ්ඩුවේ යුතුකම බව ඔහු පෙන්වා දෙයි.

දැනට යුද හමුදාව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සදහා හමුදා නිලධාරීන් 102 අනුයුක්ත කර තිබේ. ඉන් 80 දෙනෙකු ආරක්ෂක කටයුතු සඳහාත්, 22 දෙදෙනෙකු පරිපාලන කටයුතු සඳහා යොදවා ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට ප්‍රකාශ කර ඇත.

එම මාධ්‍ය නිවේදනය පහතින්…

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>