LTTE සැකකරුවන් නිදහස් කිරීම ගැන ගෝඨාභයගේ අප්‍රසාදය

null

එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිරිසක් බන්ධනාගාරවලින් නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අප‍්‍රසාදය පළ කර තිබේ.

ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ මෙලෙස නිදහස් කරන ඇතැම් සැකකරුවන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි.

යුද්ධයෙන් පසුව යුද සමයේ අත්අඩංගුවට ගෙන බූස්ස කඳවුරේ රඳවාගෙන සිටි එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිළිබඳ පරීක්ෂණ සිදුකළ බවත්, 200 ක පමණ පිරිසක් එහි රඳවා සිටි බවත් ඔහු සඳහන් කළේය.

මොවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී මොවුන්ට යම් යම් ඉලක්ක ලබාදී තිබුණු බව අනාවරණය වූ බවත්, එකී ඉලක්ක සම්පූර්ණ කරනතුරු තම අදහස් වෙනස් කිරීමට මොවුන් අකමැති බව ප්‍රකාශ කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.

“විශේෂයෙන්ම මම දන්නවා ඔය නිදහස් කරන්න යන අය අතර ඉන්නවා ඒගොල්ලන්ගේ නාමෙන් හඳුන්වන මොරිස් කියලා පුද්ගලයෙක්. තව ඉන්නවා ගිරි කියලා පුද්ගලයෙක්. ඒ ගොල්ලන්ගෙ නියම නම් වෙනස් වෙන්න පුළුවන්. මේ දෙන්නා ප්‍රභාකරන්ගේ නායකත්වය යටතේ ක්‍රියා කරපු මේ කොළඹ භාරව හිටපු දෙන්නෙක්”.

විශේෂයෙන්ම හිටපු යුද හමුදාපතිවරයාට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ප්‍රහාරකයා කැටුව ගියේද මොරිස් විසින් බවත් හෙතෙම සිහිපත් කළේය.

මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා එවක කෙතරම් වෙහෙසක් දරන්නට සිදුවුණිද යන්න පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකර හුදෙක් දේශපාලන වාසි ලබාගැනීම සඳහා පමණක් මොවුන් නිදහස් කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>