LTTE සැමරුම් උත්සව තහනම් කෙරේ

null

එල්.ටී.ටී.ඊ. සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබා දී තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

පසුගියදා දෙමල ජාතික සංවිධානය විසින් පහන් දල්වා මියගිය LTTE සාමාජිකයන් සිහිපත් කල අතර ඔවුන් වෙනුවෙන් සතියක සැමරුම් කාලයක්ද ප්‍රකාශයට පත්කරන ලදී.

එමෙන්ම දෙමළ ජාතික මහජන පෙරමුණ විසින් ඉදිරි දින කිහිපය තුළ එල්.ටී.ටී.ඊ සැමරුම් උත්සව පැවැත්වීමය නියමිතව තිබුණි.

අදාළ සැමරුම් උත්වස සම්බන්ධයෙන් පොලීසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස තහනම් නියෝගයක් අධිකරණයෙන් ලබා දී ඇති බව සඳහන්ය.

ඒ අනුව එළඹෙන 18 වැනිදා සිට දින 14ක් තුළ අදාළ සැමරුම් මුලතිව් පොලිස් බල ප්‍ර දේශය තුළ පැවැත්වීම තහනම් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>