MH370 යානයේ තවත් කොටසක් හමුවෙයි

null

අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියානු ගුවන් යානයේ බවට සැක කෙරෙන තවත් ගුවන් යානා කොටසක් ඉන්දීය සාගරයේ මැඩගස්කර් දිවයිනට ආසන්නයේ පිහිටි රියුනියන් දිවයිනෙන් හමුවී තිබේ.

මෙලෙස හමු වී ඇති සුන්බුන් කොටස අතුරුදන් වූ ගුවන් යානාවේ දොරක කොටසක් බවට සැක කෙරේ. මෙවැනි දොර කොටසක කිසියම් දෙයක් ලියා ඇති බවත්, ඒ මත යම් සලකුණක් දැකිය හැකි වනු ඇති බවත් විශ්වාස කෙරෙයි.

පසුගිය බදාදා දිනයේද රියුනියන් දිවයින ආශි‍්‍රත වෙරලේ තිබී එම්.එච්. 370 යානාවේ තටුවක බවට සැක කෙරෙන සුන්බුන් කොටසක් සොයා ගැනුනා. පරීක්ෂණ කටයුතු සඳහා එම කොටස ප්‍රංශය වෙත රැගෙන ගිය අතර දෙවැනි ගුවන්යානා කොටස හමුවීමත් සමග එම්.එච්. 370 යානයේ අභිරහස නුදුරේදීම හෙළි වනු ඇති බව විශ්වාස කෙරේ.

පළමුව හමුවූ කොටස

null

දෙවනුව හමුවූ කොටස

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>