MH370 යානය අතුරුදන් වීමේ අභිරහස විසඳෙන ලකුණු

null

පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු 8 වනදා අතුරුදන්වූ එම්.එච්. 370 මලයාසියානු ගුවන් යානය පිළිබඳ අභිරහස නුදුරේදීම හෙළිවනු ඇතැයි ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන කණ්ඩායම් ප්‍රකාශ කරයි.

යානයේ ගමන් පථයට හාත්පසින්ම වෙනස් ඉන්දීය සාගරයේ බටහිර දෙසින් මැඩගස්කර් දිවයිනට ආසන්නයෙන් එම්.එච්.370 යානයේ විය හැකි බවට සැකකෙරෙන ගුවන් යානා කොටසක් හමුවීමත් සමඟ පරීක්ෂණ කටයුතු නව මඟකට යොමුවී තිබේ.

මැඩගස්කරය ආසන්නයේ රීයුනියන් නමැති දිවයිනට ගොඩගැසූ ගුවන් යානා කොටස වැඩිදුර පරීක්ෂණ සඳහා ඊයේ ප්‍රංශය වෙත යවා තිබේ. මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් පවසා ඇත්තේ අඩි 6ක් පමණ දිග යානා කොටස අතුරුදන් වූ බෝයිං 777 මාදිලියේ යානයකම කොටසක් බවට විශ්වාස කරන බවයි.

මේ අතර, එම්.එච් 370 ගුවන් යානය අතුරුදන් වූ දිනවලදීම ඇමෙරිකානු එෆ් බී අයි ඔත්තු සේවාව මගින් සිදුකළ පරීක්ෂණයක තොරතුරු දැන් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ. එවකට එම වාර්තාව ප්‍රසිද්ධ කිරීම නතර කර තිබූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. එහි දැක්වෙන්නේ ගුවන් යානයේ නියමුවන් දෙදෙනාගෙන් අයෙකු හෝ නියමු කුටියට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු හිතමතාම යානයේ ගමන් පථය වෙනස් කර ඇති බවයි. මගී ගුවන් යානය විනාශ කිරීමේ අරමුණින් එය බටහිර දෙසට හරවා ඇති අතර ඉන්ධන අවසන් වීමෙන් ඉන්දීය සාගරයේ දකුණුදිග ප්‍රදේශයට කඩා වැටෙන්නට ඇති බව ඇමෙරිකානු වාර්තාවේ සඳහන්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>