අලුත්ගම හා බේරුවල ප්‍රදේශ වල නොසන්සුන්තාවය පාලනය කිරීමට පියවර

අලුත්ගම, ධර්ගානගර් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් එම පොලිස් බල ප්‍රදේශයට සහ බේරුවල පොලිස් බල ප්‍රදේශයට ඊයේ පස්වරු 06.45ට පමණ පැනවූ ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක වන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියා සිටියේ යළි දැනුම් දෙන තුරු මෙම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි.

හෙරොයින් කිලෝ 85.5ක් සමග සැකකරුවන් අත්අඩංගුවට

බියගමදී හයිබ්‍රඩ් වර්ගයේ නවීන මෝටර් රථයක ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 68ට වඩා වටිනා හෙරොයින් කිලෝ 85.5ක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී ඇත. මීට සුළු කාලයකට පෙර ලැබුන ඔත්තුවකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර මේ සඳහා නිල ඇඳුමෙන් හා සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු නිලධාරීන් හතලිස් දෙනෙකු පමණ යොදවා ඇත.