Pizza Hut එකේදී තරුණියන්ට පිහියෙන් ඇන්න විදේශිකයාට පොලිසියෙන් වෙඩි

null

කොළඹ – හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ පිහිටි Pizza Hut අවන්හලකදී තරුණියන් දෙදෙනෙකුට පිහියකින් පහරදී තුවාල සිදුකළ විදේශිකයෙකු පාලනය කිරීමට පොලීසිය ඔහුට වෙඩි තබා තිබේ.

එම ගැටුම ඇතිවී තිබෙන්නේ හැව්ලොක් ටවුමේ ස්ටුඩියෝවක සේවය කළ බව කියන ලෙබනන් ජාතිකයකු හා එහි සේවිකාවන් දෙදෙනකු අතරය. අදාල ලෙබනන් ජාතිකයා සේවයෙන් පහ කර ඇති අතර එයට කෝප වූ ඔහු එම අවන්හලේදී තරුණියන් දෙදෙනාට පිහියෙන් ඇන තිබේ.

අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු ආරවුල බේරීමට ගිය අවස්ථාවේ ඔහුගේ වෙඩි පහරින් ලෙබනන් ජාතිකයාගේ උරහිස තුවාල වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ විදේශිකයා සහ පිහියෙන් සිදුකළ පහරදීම නිසා තුවාල ලැබූ තරුණියන් දෙදෙනා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

මෙම ලෙබනන් ජාතිකයා කඩුවෙලින් විවාහයක් කරගෙන ඇති බවට ලැබී ඇති තොරතුරු ගැන සොයා බලන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>