SF ලොක්කා අත්අඩංගුවට

null

අනුරාධපුර සමාජශාලා හිමියෙකු මෙන්ම ප්‍රකට කරාටේ ශූරයෙකුව සිට ඝාතනයට ලක්වූ වසන්ත ද සොයිසා හෙවත් ‘කරාටේ වසන්ත’ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘එස් එෆ් ලොක්කා’ හෙවත් ඉරෝන් රණසිංහ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත නගරය ආසන්නයේදී මෝටර් රථයකින් ගමන්කරමින් සිටියදී රාත්‍රී 7.30 ට පමණ මොහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගත් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රධාන සැකකාර ඉරෝන් රණසිංහ හෙවත් එස් එෆ් ලොක්කාගේ 25 හැවිරිදි සොහොයුරා තංගල්ල ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගනුු ලැබුවේය.

ඒ අනුව, අනුරාධපුර මුදිතා මාවතේ සමාජ ශාලාවක් තුළදී වසන්ත සොයිසා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 28ක්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>