06 Sep 2015
SMS පණිවිඩය නිසා සිසුවෙක් දිවි නසාගනී
තම ජංගම දුරකථනයට පෙම්වතියගෙන් ආ කෙටි පණිවුඩය දුටු පියා ඊට දොස් කීම නිසා සිත්තැවුලට පත් සිසුවෙක් නිවස අසල ගසක එල්ලී දිවි නසාගෙන තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ, කළුතර බොලොස්සගම විදුහලේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි සිසුවෙකු ය.
ඔහුගේ පෙම්වතියද එම පාසලේ එකම පංතියේ ඉගෙනුම ලබන අයකු බව පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කළුතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.