STF සෙබළුන් ගම්මානයක් වටලයි

null

ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකාය විසින් ගාල්ල – කරාපිටිය – ජස්ටින්කන්ද ප‍්‍රදේශය වටලා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර ඇත්තේ මෙම ගම්මානයේ විවිධ අපරාද වලට සම්බන්ධ මිනීමරුවන් විසින් සඟවන ලද ආයුධ කුඩු ගංජා වැනි දෑ තිබෙන බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම ක්‍රියාත්මක කල බවයි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පමණ අදාල මෙහෙයුම ආරම්භ කර ඇති අතර අද උදැසන වන තුරු එම මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. එහිදී සැකකාර පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පුද්ගලයන්ගේ නිවෙස්වල තිබී තියුණු ආයුධ, ෆුල්ෆේස් හෙල්මට් හෙවත් සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන හිස් වැසුම් මෙන්ම නාවික හමුදා නිළ ඇඳුම් කොටස් කිහිපයක් ද සොයාගෙන තිබේ.

නිවාස 75ක් පමණ ඇති මෙම ගම්මානයේ විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 40ක් සහ පොලිස් නිලධාරීන් 140ක් එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>