30 Dec 2015
T20 කණ්ඩායමේ නායකත්වය චන්දිමාල්ට
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් පන්දුවාර විස්සයි විස්ස තරඟ කණ්ඩායමේ නායකත්වය ලබාදී තිබේ.
විස්සයි කණ්ඩායමේ ස්ථිර නායකයා ලෙස කටයුතු කළ ලසිත් මාලිංග ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකර ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ඒ අනුව නවසීලන්තය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟ දෙකෙහි නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කරනු ඇති.